ජපානය කැළඹූ 'හගිබීස්' 14කට මරු කැඳවයි

ඔක් 13, 2019

    ජපානයට බලපා ඇති කුණාටු තත්වය හේතුවෙන් මේ වන විට 14 දෙනෙකු පමණ මියගොස් තිබේ. හගිබීස් සුළි කුණාටුව දශක 6කින් පසු ජපානයට බලපෑ ප්‍රබලම සුළි කුණාටුව බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    තුවාල ලැබූ පිරිස 128 ඉක්මවයි. තවත් 16 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි, ජපාන මාධ්‍ය පවසන්නේ. ටෝකියෝ සහ තවත් නගර රැසක මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ වන විට නිවාස ලක්ෂ ගණනක විදුලිය හා ජලය නොමැති බවයි, වාර්තා වන්නේ. කුණාටුවත් සමග ඇති වූ අධික සුළං සහ වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ නායයාම්,ගස් කඩාවැටීම් හා ගංවතුර තත්වය නිසා බොහෝ පිරසකට බලපෑම් එල්ල වී තිබේ. විදුලි හා ජල සැපයුම ඉතා ඉක්මණින් යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි, අදාළ අංශ පවසන්නේ. අවතැන් වූ පිරිස මිලියන ගණනක්. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි, බලධාරීන් කියා සිටියේ. ඇතැම් ප්‍රදේශවල ගංවතුර මට්ටම මීටර් 5කට වඩා ඉහළ ගොස් තිබේ. ගංවතුර හේතුවෙන් කොටුවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

    බොහෝ ප්‍රදේශවල ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. දුම්රිය ජලයේ යටවීම,මාර්ග නායයාම් සහ පාලම් කඩාවැටීම් මීට හේතුවයි. මෙවර සුළි කුණාටුව සමඟ ඇතිවූ අධික වැසි තත්වය ද වාර්තා වෙයි. මෙවර සුළි කුණාටුව සමග ඇතිවූ අධික වැඩි තත්වය ද වාර්තා වෙයි. ඇතැම් ප්‍රදේශවලට වාර්ෂික වර්ෂාපතනයෙන් 30%කට වැඩි ප්‍රමාණයක් එක් දිනක දී වාර්තා වී තිබේ. එසේම ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 1000ක පමණ වර්ෂාපතනයක් එක් දිනයක් තුළ වාර්තා වීම ද විශේෂත්වයක්.

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 11:13

    Latest News