ලෙකීමා චීනය කළඹයි

අගෝ 10, 2019

    ලෙකීමා සුළි කුණාටුව චීනයට ඇතුළු වී තිබේ. අද අලුයම 1.45ට පමණ චීනයේ නැගෙනහිර වෙරළ තීරයට එය බලපෑ බවයි, මාධ්‍ය වාර්තා කරන්නේ.

    චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය රතු නිවේදනයක් නිකුත් කරමින් ලෙකීමා සුළි කුණාටුව සම්බන්ධයෙන් ඊයේ අනතුරු ඇගවීමක් නිකුත් කළේය. කුණාටුව පැයට කිලෝමීටර 190ක වේගයකින් ඊයේ තායිවානය හරහා හමා ගියේය. එය පැයට කිලෝමීටර 107.2ක වේගයෙන් අද චීනයට බලපා තිබේ. ලක්ෂ 7ක පමණ පිරිසක් අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 16:26

    Latest News