"ෆැක්සාස්" නිසා ටෝකියෝ කැළ‍ඹෙයි

සැප් 09, 2019

    ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයට 'ෆැක්සායි' සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ. එම ප්‍රදේශයට සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ෂාපතනයත් සමඟ පැයට කිලෝමීටර් 210ක සුළං තත්ත්වයක් ද ඇතිව තිබෙන බව සදහන් වේ.

    සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශයේ බුලට් දුම්රිය 100ක සහ ගුවන් යානා සියයක පමණ කටයුතු අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.  කුණාටු තත්ත්වයත් සමඟ නිවාස දෙලක‍ෂ අනූදහසක පමණ ප්‍රමාණයක විදුලි සැපයුම් බිදවැටී ඇතැයි ද සදහන් වේ.

    පස්දෙනෙකුට මරු කැදවමින් උතුරු කොරියාවට බලපෑ සුළි කුණාටුවෙන් අනතුරුව, 'ෆැක්සායි' ජපානයට මෙලෙස බලපෑම් ඇති තර තිබේ. කනගාව, ෂිසුඔ්කා ඇතුළු ප්‍රදේශ කිහිපයක තුන්ලක‍්ෂ අනූදහසක පමණ ජනතාවට ආරක‍ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස බලධාරීන් අනතුරු අඟවා තිබේ.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 09:49

    Latest News