කල්ගිය ඡන්දය යළි එයි

පෙබ 18, 2019

    නයිජීරියාවේ ජනාධිපතිවරණය පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

    එය, පසුගිය සෙනසුරාදා ආරම්භවීමට නියමිතව තිබුණත්, මැතිවරණය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර හදිසියේ කල්දමනු ලැබීය. මැතිවරණය කල් දමමින්, එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ මැතිවරණය පැවැත්වීම සඳහා නිසි වාතාවරණයක් නොමැති බවයි.

    ඒ සම්බන්ධයෙන් විශාල ලෙස නයිජීයානු රජයට චෝදනා එල්ල විය. මැතිවරණය සඳහා කෝටි 8ක පමණ පිරිසක් තමන් මනාපය කිරීමට සූදානමින් සිටියද, මැතිවරණය කල් දැමීම නිසා, දැඩි ජනතා විරෝධයක් ද නයිජීරියානු රජයට එල්ල වුණා.

    Latest News