ඉඩ්ලිප්වලට සටන් විරාමයක්

අගෝ 31, 2019

    සිරියාවේ ඉඩ්ලිප් ප්‍රදේශය සඳහා එරට රජය ඒක පාර්ෂික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    රුසියානු මැදිහත්වීමක් මත ක්‍රියාත්මක සටන් විරාමය ආරම්භ වන්නේ, ග්‍රින්ච් මධ්‍යන්‍ය වේලාවෙන් අද උදෑසන තුන්වන පැයේ සිටයි. අයිඑස් ත්‍රස්තවාදීන්ගේ අවසන් බලකඳවුර ලෙස සැලකෙන සිරියාවේ ඉඩ්ලිප් ප්‍රාන්තය තුළ ලක්ෂ 30ක පමණ පිරිසක් තවමත් සිටින බව, එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙයි.

    එය අත්පත් කර ගැනීම සඳහා සිරියානු රජයේ හමුදා දියත් කළ මෙහෙයුම නිසා සාමාන්‍ය වැසියන්ට ද හානි සිදුවූ බව, නිරීක්ෂණ ආයතනවල නිගමනයයි. ඒ හේතුවෙන් මානුෂීය ආධාර සැපයීම සඳහා සක්‍රීය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ හදිසි සහන සේවා සම්බන්ධීකාරකවරයා ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබිණ. සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ ඊට ප්‍රතිචාර ලෙසයි.

     

     

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2019 10:21

    Latest News