ලෝක ප්‍රබලයින් 4ක් සිරියාව ගැන එකඟතාවකට

ඔක් 28, 2018

    සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා තුර්කිය එකඟතාවයකට පැමිණ තිබේ.

    එම රටවල රාජ්‍ය නායකයන් ඊයේ තුර්කියේ දී හමුවූ අවස්ථාවේ මෙම එකඟතාවට එළඹුණා. තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගන් මෙම සාකච්ජාවලට මූලිකත්වය ගත්තේය. ඊට ප්‍රංශ ජනාධිපති එමෑන්නුවල් මැක්‍රෝන්, ජර්මන් චාන්සලර්, ඇන්ගෙලා මර්කල් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සහභාගී විය. මෙහි දී සිරියානු අර්බුදයට දේශපාලන විසඳුමක් පමණක් ගෙන ඒමට ප්‍රධාන වශයෙන් තීරණය වී තිබේ.

    එය සිරියානු විසඳුමක් පමණක් බවත්, එක්සත් ජාතීන්ගේ අනුදැනුම ඇතිව සිදු කිරීමටත් තීරණය කෙරුණි. එසේම, සිරියාව තුල කිසිඳු බෙදීමක් ඇති නොවීමටත් ත්‍රස්තවාදීන් එරටින් පරාජය කිරීමටත් එරටට ලබා දෙන මානුෂවාදී ආධාර වැඩි කිරීමටත් මෙහි දී තීරණය විය. එසේම, වෙනත් රටවලට පලාගොස් සිටින සිරියානු සරණාගතයන් ආරක්ෂාකාරීව සිරියාවට යළි පැමිණීමටද සහයෝගය ලබාදෙනු ඇති. තවද, අන්තර්ජාතික අධීක්ෂණය යටතේ සිරියාවේ මැතිවරණයක් පවත්වා එරට දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට රුසියාව, ජර්මනිය, තුර්කිය සහ ප්‍රංශය යන රටවල නායකයන් ඊයේ තීරණය කළේ.

    Latest News