ඇමසන් අවට ගිනි තැබීම් තහනම් කෙරේ

අගෝ 30, 2019

    ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ගිනි තැබීම් තහනම් කිරීමට බ්‍රසීල රජය පියවර ගෙන තිබේ.

    වනාන්තරය ආරක්ෂා කිරීමට බ්‍රසීල රජය ප්‍රමාණවත් ක්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් එල්ල වූ දැඩි අන්තර්ජාතික පීඩනය හමුවේයි, මෙම තීරණයට එළඹ ඇත්තේ. පසුගිය වකවානුව පුරා ලොව විශාලතම තෙත් වනාන්තරය ලෙස සැලකෙන ඇමසන් ආශ්‍රිතව වාර්තාගත ගිනි ගැනීම් රැසක් හටගැනිණ.

    ආර්ථික ක්‍රියාකාරකම් සඳහා රජය දිරි ගන්වන බවයි, බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සනාරෝට චෝදනා එල්ල වුණේ. කෙසේ වෙතත්, දැඩි විවේචන හමුවේ බ්‍රසීල රජය තීරණය කර ඇත්තේ, දින 60ක කාලයක් සඳහා ඇමසන් වනාන්තරය ගිනිතබා එළි පෙහෙළි කිරීම තහනම් කරන බවයි. බොහෝ පිරිසක් කෘෂිකාර්මික කටයුතු සඳහා භූමිය ලබාගැනීමට වනාන්තරය ගිනි තබනවා. ඇමසන් වනාන්තරය ආශ්‍රිතව හටගෙන ඇති අර්බුදය සාකච්ජා කිරීම සඳහා ඉදිරි සතියේ දී දකුණු අමෙරිකානු රටවල් මුණගැසීමට නියමිතයි.

     

     

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 15:44

    Latest News