සිරියාවේ යුධ ගැටුම්වලින් දහස් ගණන් ජනතාව අතුරුදන්

මාර් 02, 2021

    සිරියාවේ යුධ ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් ඇතුළු දහස් ගණනක් අතුරුදන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    දස වසරක සිරියානු යුද්ධයෙන් පසුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි මෙම පිරිස් පිළිබඳව කිසිඳු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි වාර්තා වන්නේ.

    තවත් දහස් ගණනක් මරා දමා ඇති බවත් එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින් පෙන්වා දෙයි. සිරියාවේ මානව හිමිකම් උල්ලංඝනය ඉතා ඉහළ මට්ටමකින් පවතියි.

    ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, අවුරුදු 11ක පමණ කුඩා දරුවන් පවා ලිංගික හිංසනයට ලක්ව ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 02 මාර්තු 2021 10:58

    Latest News