පාප්වහන්සේ විදුලි සෝපානයක සිරවේ; ගිනිවන භටයින් බේරා ගනී

සැප් 01, 2019

    අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විදුලි සෝපානයක සිරවී තිබේ.

    විනාඩි 25කට පසු උන්වහන්සේව බේරා ගෙන ඇත්තේ, ගිනි නිවන භටයින් විසින්. 

    “දයාබර සහෝදරයා, සහෝදරිය. සුබ උදෑසනක්. පමාවීම ගැන පළමුවෙන්ම මම ඔබෙන් සමාව ඉල්ලිය යුතුයි. මට අනපේක්‍ෂිත සිද්ධියකට මුහුණ දීමට සිදුවුණා. මම මිනිත්තු 25ක කාලයක් විදුලි සෝපානයක සිරවී සිටියා. දෙවියන්ට ස්තූතිවන්ත වන්න ගිනි නිවන භටයින් පැමිණියා. මම ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. විනාඩි 25 කට පසු ඔවුන් විදුලි සෝපානය යථා තත්වයට පත් කළා. ඔවුන්ට අත්පොලසන් නාදයක් ලබා දෙන්න“ යැයි උන් වහන්සේ ඉල්ලීමක් කළා.

    අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම සිද්ධියට මුහුණ දුන්නේ, ශාන්ත පීතර චතුරඝ්‍රයේ සතිපතා පැවැත්වෙන දේශනයට පැමිණෙන අතරතුරදී. ඉදිරි මසදී රෝමානු කතෝලික නව කාදිනල් හිමිවරුන් දස දෙනෙකු පත් කරන බව අසූ දෙහැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනතාව හමුවේ කියා සිටියේය.

    Last modified on ඉරිදා, 01 සැප්තැම්බර් 2019 19:23

    Latest News