කාශ්මීරය ගැන ඉන්දීය රජයේ ක්‍රියාකළාපය අධිකරණයේ අභියෝගයට

අගෝ 29, 2019

    කාශ්මීරය පිළිබඳව ඉන්දීය රජයේ ක්‍රියා කලාපය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කර තිබේ.

    ඉන්දියානු පාලිත කාශ්මීරය සඳහා විශේෂ තත්වය අවලංගු කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට එරෙහිවයි, පෙත්සම ඉදිරිපත් කර තිබේ. ඉදිරිපත්ව ඇති පෙත්සම් විභාග කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එකඟවී තිබේ. කාශ්මිර ප්‍රදේශය මෙම මස 5 වැනි දා සිට ස්වයං පාලනයෙන් ඉවත් කෙරිණ. මිට එරෙහිව පෙත්සම් 14ක් ඉදිරිපත්ව තිබේ. ඒවා, පස් දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරනු ඇති බවයි, අධිකරණය පවසන්නේ.

    පෙත්සම් විභාගය ඔක්තෝබර් මස මුල් සතියේ සිදුවනු ඇති බව වාර්තා වෙයි. මේ අතර ඉන්දීය ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සූදානම් වන බව, වාර්තා වෙයි. එරට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ෆාවාඩ් හුසේන් ට්විමර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දියාව වෙළෙඳ කටයුතු සඳහා භාවිත කරන පකිස්තානය හරහා දිවෙන මාර්ග සියල්ල ඉන්දියාවට තහනම් කිරීම ගැන අග්‍රාමාත්‍යවරයා සළකා බලමින් සිටින බවයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 08:02

    Latest News