පිලිපීනයේ භුකම්පන 2ක්; 6ක් මරුට

ජූලි 27, 2019

    පිලිපීනයට බලපෑ භූමිකම්පා දෙකක් හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අද අලුයම පිලිපීනයේ උතුරු දෙසින් පිහිටි දූපත් සමූහයකට මෙසේ භූ කම්පන දෙකක් වාර්තා වී තිබේ. 5.4 හා 5.9 විශාලත්වයකින් යුතු භූමි කම්පාවක් මෙසේ වාර්තා විය.

    නගරාධිපති රාවුල් ද සාගෝස් පැවසුවේ 60 දෙනෙකුට පමණ තුවාල ඇති කළ මෙම භූකම්පනය සිදුවන විට බොහෝ අය ඔවුන්ගේ නිවෙස්වල සිටි බවයි. සුනාමි අනතුරු ඇඟවීමක් තවමත් නිවේදනය කර නැති බව විදෙස් මාධ්‍යයට වාර්තා කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 11:02

    Latest News