ත්‍රස්තවාදය පිටුදැකීමට බ්‍රික්ස් සාමාජික රටවල් එකඟවේ

ජූලි 27, 2019

    ත්‍රස්තවාදය පිටුදැකීම සඳහා එක්සත්ව ක්‍රියාකිරීමට බ්‍රික්ස් සාමාජික රටවල් එකඟත්වයට පළ කර තිබේ.

    ඊයේ අවසන් වූ බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදී නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයෙහි මේ බව සඳහන්. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇතුළත් බ්‍රික්ස් කණ්ඩායමේ විදේශ අමාත්‍ය සමුළුව පසුගිය දෙදින තුල බ්‍රසීලයේ රියෝදි ජෙනයිරෝ නගරයේ දී පැවැත්විණ. බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත 11 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට අවශ්‍ය පසුබිම සැකසීම විදේශ අමාත්‍ය හමුවේ අරමුණයි.

    ත්‍රස්තවාදීන්ට මූල්‍යාධාර ගලායාම, රැඩිකල්වාදය, අවි ආයුද සැපයීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබඳව එහිදී දැඩි අවධානයට ලක්විය. ඔවුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ, ත්‍රස්තවාදයට අනුබලදීම වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ සවිස්තරාත්මක ප්‍රඥප්තියක් කඩිනමින් සම්මත කරගත යුතු බවයි.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 19:25

    Latest News