උ.කොරියාව දුරදිග මිසයිල අත්හදා බලයි

ජූලි 26, 2019

    දකුණු කොරියාවේ යුදකාමීන්ට අනතුරු අඟවන බව උතුරු කොරියාව පවසයි.

    ඊයේ කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලුවේ, එම අනතුරු ඇඟවීම සංකේතවත් කිරීමට බව, උතුරු කොරියාව ප්‍රකාශ කරයි. ඊයේ අත්හදා බලනු ලැබූ නව මිසයිල ජපාන මුහුදු කලාපයට එල්ල කෙරුණු බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි. උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට මිසයිල විඳිනු ලැබීය. ඒවා අලුතෙන් වැඩි දියුණු කරනු ලැබූ අවි පද්ධතියකට අයත් බව, වාර්තාවේ. සෘජු හා ප්‍රබල ආරක්‍ෂක තර්ජන පිටුදැකීම සඳහා අලුතෙන් අවි ආයුධ තැනීමට තම රටට සිදුව ඇති බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කරයි.

    Latest News