මැයි පෙළපාළි ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

අප්‍රේ 30, 2025

    ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් හා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විවිධ දේශපලාන පක්ෂ හා වෘත්තීය සමිති සංවිධාන විසින් මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව සංවිධානය කරනු ලබනවා.

    ඒ වෙනුවෙන් ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පොලිසිය විසින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැලසුම් කොට ඇත.

    පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇත.

    එම නිවේදනය පහතින්,

    1

    2

    3

    Latest News