කැලිෆෝනියාවේ තවත් ප්‍රබල භූ කම්පනයක්

ජූලි 06, 2019

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට නැවතත් රික්ටර් පරිමාණ ඒකක 7.1ක ප්‍රභල භූ කම්පනයක් ඇතිවී තිබේ.

    කැලිෆෝනියාවට දශක 2ක කාලයක් තුළ ඇති වූ ප්‍රභලතම භූ කම්පනය මෙයයි. ඉකුත් බ්‍රහස්පතින්දා කැලිෆෝනියාවට රික්ටර් පරිමාණ ඒකක 6.4ක භූ කම්පනයක් ඇති විය. මේ වන විට භූ කම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන 1,400ක් පමණ වාර්තා වී ඇති බව එරට භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

    අද ඇති වූ භූ කම්පනය දකුණු දිග කැලිෆෝනියාවේ දැඩි ජනාකීර්ණ නොවන ප්‍රදේශයක හටගත් නිසා මෙතෙක් කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නැත. කෙසේ වුවත් ස්ථාන කිහිපයක විදුලි බිඳ වැටීම සහ දේපළ හානි වාර්තා වෙයි. ඉදිරියේ දී තවත් භූ කම්පන ඇති වීමේ අවධානමක් පවතින බවයි, ඇතැම් භූ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 12:01

    Latest News