ඡන්දයක් එන තුරු බලය බෙදාගන්න හමුදාව - විපක්ෂය ගිවිසුමක්

ජූලි 06, 2019

    මැතිවරණයක් පැවැත්වෙන තෙක් බල බෙදා ගැනීම සඳහා සුඩාන හමුදා නායකයින් සහ විපක්ෂ ක්‍රියාකාරීන් ගිවිසුමකට එළඹිණ.

    ඒ අනූව, වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් මෙම පාලනය ක්‍රියාත්මකවීමට නියමිතයි. අදාළ කාලසීමාව තුළ දෙපාර්ශවයකම බලය හුවමාරු වෙමින් පාලන කටයුතු සිදු වනු ඇති. සුඩාන හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර් බලය පහකිරීමත් සමඟ එරට දැඩි යුදමය වතාවරණයක් පැවතිණ.

    කෙසේ වෙතත්, හමුදා නායකයින් සහ විපක්ෂ ක්‍රියාකාරීන් අතර ඇති වූ මෙම නව ගිවිසුමට සතුට පළ කරමින් එරට ජනතාව වීදි බැස තිබේ. පසුගිය දිනවල සුඩාන පුරා පැවති ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන සහ විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණ ආරම්භ කිරීමට ද දෙපාර්ශවයේ පාර්ශවයින් මෙහි දී එකඟතාවයකට පැමිණ ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

     

     

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 11:30

    Latest News