වයිකෝට සිර දඬුවම්

ජූලි 07, 2019

    තමිල්නාඩුවේ මරුමලර්ච්වි ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් එම්.ඩී.එම්.කේ. පක්‍ෂයේ නායක වයිකෝට වසරක සිර දඬුවම් ලබාදී තිබේ.

    එල්.ටී.ටී.ඊ. හිතවාදී අදහස් පළකිරීම ඊට හේතුවයි. චෙන්නායිහි විශේෂ අධිකරණයක් මගින් මෙම සිර දඬුවම පසුගියදා නියම කරනු ලැබීය. ඒ, 2009 වසරේදී ගොනු කරනු ලැබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින්. දේශද්‍රෝහී ක්‍රියාවකට වරදකරු කරමින් ඔහුට එරෙහිව සිර දඬුවම් නියම කර තිබේ. 2009 වසරේ මෙරට සිවිල් යුද්ධය පවතින කාලය තුළ චෙන්නායිහි පැවති කෘතියක් එළිදැක්වීමේ උළෙලකදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සහය පළ කරමින් වයිකෝ අදහස් පළ කර තිබේ.

    Latest News