යුද මුක්ත කලාපයේ දී කිම් - ට්‍රම්ප් හමුවක්

ජූනි 29, 2019

    උතුරු සහ දකුණු කොරියානු දේශසීමාව අතර යුද මුක්ත කලාපයේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමට තමන් සූදානම් බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන්කර තිබේ.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව නිවේදනය කර තිබේ. ජපානයේ ඔසාකා නුවර පැවැත්වෙන ජී-20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, ට්‍රම්ප් ජනාධිපතිවරයා දකුණු කොරියානු සංචාරයක නිරත වීමට අපේක්ෂා කරයි.

    අදාළ සංචාරය අතරතුර, උතුරු කොරියානු නායකයා මුණගැසීමට නියමිතයි. ජනාධිපති ට්‍රම්ප් හා කිම් ජොන් අන් අතර පැවති ප්‍රථම හමුව, පසුගිය වසරේ ජුනි 12 වැනිදා සිංගප්පූරුවේ දී පැවති අතර, පසුගිය පෙබරවාරි 27 හා 28 වියට්නාමයේ හැනෝයි හිදී පැවති දෙවැනි හමුව ද ප්‍රතිඵලයකින් තොරව අවසන් විය.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 12:10

    Latest News