ඉතාලි ජෙනෝවා පාලමේ කඳුළු කතාවේ සත්‍යය

ජූනි 28, 2019

    ඉතාලියේ ව්‍යසනයක මතක සටහනක් වූ ජෙනෝවා පාලම කඩා වැටීමෙන් ඉතිරි වූ කුළුණු පුපුරවා හැරීමේ දර්ශන නිකුත් කර තිබේ.

    ගිය වසරේදී පාලම කඩා වැටීමෙන් 43 දෙනෙකු මියගියේය. එම සිදුවීම ලොව පුරා කාගේත් දැඩි අවධානයට ලක්ව තිබේ. කඩා වැටීමෙන් පසු පාලමේ ඉතිරිව තිබූ මීටර 1200ක ප්‍රමාණය සැලසුම් සහගත පිපිරීමකින් විනාශ කර දැමීමට පියවර ගැණින. අදාළ කොටස් දැඩි දූවිලි වළාවන් නිකුත් කරමින් පිපිරී යන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්. ජෙනෝවා නගරාධිපති මාකෝ බුච්වි ප්‍රකාශ කළේ, පුපුරුවා හැරීමේ ක්‍රියාවලිය සැලසුම් කළ කාලයට වඩා මඳක් ප්‍රමාද වූ බවයි.

    ඒ පාලම ආසන්නයේ මහල් නිවාසයක පුද්ගලයෙකු සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙන්. කෙසේ වුව ද පසුව පුපුරාවා හැරීම සාර්ථකව සිදු කිරීමට මෙහෙයුම් කණ්ඩායම සමත්වූහ.

    Latest News