සුඩානයේ උද්ඝෝෂණය අතර වෙඩි තැබීම්වලින් 30ක් මරුට

ජූනි 04, 2019

    උද්ඝෝෂණ අතරවාරයේ සුඩාන ආරක්ෂක අංශ සිදු කළ වෙඩි තැබීම්වලින් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

    තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. හිටපු ජනාධිපති ඔමාර් බෂීර් නෙරපා හැරීමෙන් අනතුරුව හමුදාව විසින් බලය අත්පත් කරනු ලැබීය. පාලක හමුදා කවුන්සිලයට එරෙහිව ජනතාව වීදි බැස තිබේ. කාර්ටූම් අගනුවර පැවති උද්ඝෝෂණ අතරවාරයේ ඒවා පාලනය කිරීමට පොලීසිය වෙඩි තබා තිබේ. ඉන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    උද්ඝෝෂකයන් ඉලක්ක කර හමුදාව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස විවේචනයට ද ලක්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් කියා සිටින්නේ.

     

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 09:35

    Latest News