ඉන්දියාවේ නගර රැසක දැඩි උණුසුමක්

ජූනි 04, 2019

    ඉන්දියාවේ නගර රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 50 ඉක්මවූ අගයක්.

    උතුරුදිග ඉන්දීය ප්‍රාන්තයක් වන රාජස්ථාන්හි චූරු ප්‍රදේශයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 50.8ක් ලෙසයි. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද කාලගුණ බලධාරීන් පියවර ගෙන තිබේ.

    ලොව, උණුසුම්ම ස්ථාන 15න්, ඉන්දීය නගර 7ක් එල් ඩොරාඩෝ වෙඩි අඩවිය ඊයේ පළ කළ ලේඛනයට ඇතුළත්. මෝසම් වර්ෂාව ප්‍රමාදවීමක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී ද අධික උෂ්ණ කාලගුණය පවතිනු ඇති බවයි, ඉන්දීය කාලගුණ බලධාරීන් පවසන්නේ. අධික උෂ්ණත්වයෙන් පීඩා විඳින නගරවල ජලය බෙදා හැරීම සඳහා ස්වෙච්ජා සේවකයන් ක්‍රියා කරයි.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 09:42

    Latest News