බ්‍රිතාන්‍ය රාජකීයන් හා ට්‍රම්ප් හමුව

ජූනි 04, 2019

    අමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතර සදාතනික මිත්‍රත්වය පිළිබඳව ප්‍රශංසා කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    තෙදින සංචාරය අතරතුර, අමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් ලබාදුන් රාජ්‍ය නිල රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. උත්සවය ඊයේ රාත්‍රී පැවැත්වුණේ ලන්ඩන් නුවර බකිම්හැම් මාළිගයේදී. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. බ්‍රිතාන්‍ය පවුලේ රාජකීයන්, අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මීට එක්විය.

    බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජින එහි දී කියා සිටියේ, ජනතාවගේ සෞභාග්‍ය හා ආරක්ෂාව දශක ගණනාවක් සහතික කිරීමේ බ්‍රිතාන්‍ය - අමෙරිකා සන්ධානය අප සමරන බවයි. අතීතයේ සිදුවූ බියජනක සිදුවීම් යළි සිද නොවීම සඳහා අන්තර්ජාතික ආයතනවල එකමුතුවක් නිර්මාණය කිරීමේ බ්‍රිතාන්‍ය - අමෙරිකා කාර්යභාරය ද රැජිනගේ ඇගයීමට එහි දී ලක්විය. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ධෛර්යය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහි දී ප්‍රකාශ කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තෙදින චාරිකාවක් සඳහා ඊයේ බ්‍රිතාන්‍යයට ළගා විය. ඔහු බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ හමුවීමට ද නියමිතයි. සංචාරය අතරතුර වැඩසටහන් රැසකට සහභාගීවීමට අමෙරිකානු ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 07:48

    Latest News