ට්‍රම්ප්ට ඇප

අගෝ 25, 2023

    අමෙරිකානු මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ වරදට, අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ඩොලර් දෙලක්ෂයක ඇපයක් මත නිදහස් කිරීමට පියවර ගැනුණා.

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ පිහිටි “ෆුල්ටන්” බන්ධනාගාරය වෙත ඊයේ භාරවුණා.

    එල්ල වී ඇති අපරාධ චෝදනා හේතුවෙන් මුදල් ඇපකරයක් සහ බන්ධනාගාර නිලධාරීන් සමග ගිවිසුමකට එළ‍ඹීමෙන් පසු ඔහු නිදහස් කිරීමට පියවර ගැනුණා.

    ඩොනල්ඩ් ට්‍රම්ප් බන්ධනාගාරයේ විනාඩි 20 ක පමණ කාලයක් ගතකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ලබාගන්නා ඡායාරූපයට පෙනී සිටීමට ද ඔහුට සිදුවුණා.

    “මග් ෂොට්” යනුවෙන් හඳුන්වන එවැනි ඡායාරූපයක් ‍අමෙරිකානු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

    එරට ඉතිහාසයේ අපරාධ චෝදනා එල්ල වූ පළමු ජනාධිපතිවරයා ලෙස ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසගත වී තිබෙනවා.

    මීට පෙර අවස්ථා තුනකදී හිටපු ජනාධිපති ට්‍රම්ප් හට අපරාධ චෝදනා එල්ල වුණා.

    Last modified on සිකුරාදා, 25 අගෝස්තු 2023 11:06

    Latest News