ඡන්ද ප්‍රතිඵල අවලංගු කරන්න ගිහින් ට්‍රම්ප්ට නඩු

අගෝ 02, 2023

    අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය අධි චෝදනා ගොනු කර තිබෙනවා.

    ඔහු සම්බන්ධයෙන් සිදු කෙරෙන බරපතලම නීතිමය ක්‍රියාමාර්ගය මෙය බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    2020 වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු අමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර ඉන් ඔහු පරාජයට පත් වුණා.

    හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45 කින් යුත් අධි චෝදනා පත්‍රයක් එරට අධිකරණය නිකුත් කර තිබෙනවා.

    නිල ක්‍රියාවලියට බාධා කිරීම හා කුමන්ත්‍රණය කිරීම, සාක්ෂිකරුවෙකුට හානි කිරීම, පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණය කිරීම යන චෝදනා 4 ක් ඊට ඇතුළත්.
    2021 ජනවාරි 6 වැනි දින අමෙරිකාවේ කැපිටල්හි කැරලි කෝලහල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද, අධි චෝදනා පත්‍සමයේ ඇතුළත්.

    77 වැනි වියේ පසු වන ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා, මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News