IS එරෙහි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13000ක් මරුට

ජූනි 03, 2019

    2014 වසරේ සිට මේ දක්වා ඉරාකයට සහ සිරියාවට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 13000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි.

    අයිඑස් සංවිධානයට එරෙහිව මෙම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ අමෙරිකාව ප්‍රමුඛ සන්ධානය විසින්. ඔවුන් පසුගිය වසර 5 තුළ ගුවන් ප්‍රහාර 34,502ක් අයිඑස් ඉලක්ක වෙත එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බ්‍රිතාන්‍ය මානව හිමිකම් සංවිධානයක් පවසන්නේ, ප්‍රහාරවලින් මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව දහතුන් දහසක් පමණ බවයි.

    Last modified on සදුදා, 03 ජූනි 2019 10:34

    Latest News