ට්‍රම්ප් යළි ජනාධිපතිවරණයට

මාර් 05, 2024

    අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් හට යළිත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බව, එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

    ඔහුට කොළරාඩෝ ප්‍රාන්ත අධිකරණය මගින් මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට ප්‍රකාශ කරමින්, මීට පෙර තීන්දුවක් ලබා දී තිබුණා.

    කොළරාඩෝ  ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයා තේරීමේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතයි.

    මෙම තීන්දුවක් සමග ට්‍රම්ප්ට ඒ සඳහා ඉදිරිපත්  වීමට හැකියාව ලැබෙනු ඇති. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්‍ෂ අපේක්‍ෂකත්වයේ මේ වන විට ට්‍රම්ප් ඉදිරියෙන් පසුවන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ඔහු සමග තරගවදින නිකී හේලිට වඩා ඔහු මේ වන විට ඉදිරියෙන් පසු වනවා.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2024 09:36

    Latest News