මෝදි 2වැනි ධුර කාලයට දිවුරුම්දීම අද

මැයි 30, 2019

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිට දෙවැනි ධුර කාලය සඳහා අද දිවුරුම්දීමට නියමිතයි. ඒ ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හිදී.

    අභිමානවත් එම උළෙලට රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේ නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති. උත්සවය සඳහා ජනාධිපති නිල නිවසට ඉහළ ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙස ද නම්කර තිබේ. නරේන්ද්‍ර මෝදි දිවුරුම්දීමේ උළෙලට පෙර මහත්මා ගාන්ධි හා හිටපු අගමැති අතල් බිහාර් වජ්පායි යන නායකයින්ගේ ස්මාරකවලට අද පෙරවරුවේ බුහුමන් දැක්වීම සිදු කරයි. දිවුරුම්දීමේ උළෙලට ඇරයුම් ලබා ඇති ආරාධිතයන් සංඛ්‍යාව 8,000ක් බවයි ඉන්දීය NDTV වෙබ් අඩවිය පවසයි.

    අදියර 7ක් යටතේ අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 දක්වා පැවති ඉන්දීය මහමැතිවරණය සැළකෙන්නේ ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවති විශාලතම මැතිවරණය ලෙසයි. එහි ප්‍රතිඵල පසුගිය 23 වැනිදා නිකුත් කෙරිණ. මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය එහි දී ආසන 303ක් හිමි කරගනිමින් ජයග්‍රහණය කළේය. නරේන්ද්‍ර මෝදි පළමුවරට ඉන්දීය අගමැති ධුරයට පත් වූයේ 2014 වසරේදී. අද පැවැත්වෙන උත්සවයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 10,000කට අධික පිරිසක් යොදවා ඇති බව වාර්තා වෙයි. ලොව ප්‍රමුඛ රටවල රාජ්‍ය නායකයින් ඇතුළු විශාල පිරිසක් දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:06

    Latest News