විශ්වාසය බිඳවැටුන Boeing maxට තවත් තහංචියක්

මැයි 30, 2019

    බෝයිං 737 මැක්ස් ගුවන් යානා ලබන අගෝස්තු මාසයේ වනතෙක් යළි ගුවන්ගත නොවනු ඇතැයි එම සමාගමේ ප්‍රධානියා පවසයි.

    එම යානා සම්බන්ධයෙන් විශ්වාසය බිඳ වැටීම ඊට හේතුවයි. පසුගිය කාලයේ දී සිදුවූ අනතුරු 2ක හේතුවෙන් එම යානා භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට එම ගුවන් සමාගමට සිදුවිය. ඉකුත් මාර්තු මාසයේ දී ඉතියෝපියාවේ සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    පසුගිය වසරේ ඔක්තෝබර් මස ඉන්දුනීසියාවේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 189ක්. එම අනතුරු සමග යානයේ මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලු මතුවිය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:06

    Latest News