කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මැයි 31, 2019

    ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත.

    හමුදා පුහුණු මධ්‍යස්ථානයක් අසලට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    එහිදී තවත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

    ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව වාර්තා වේ.

    Latest News