අගමැති සුව දුක් හොයයි

නොවැ 01, 2022

    ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පාලම කඩාවැටුණු ස්ථාන‍ය අද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි‍ගේ නිරීක්ෂණයට ලක්වුණා.

    එම ස්ථානයට ගිය මෝදි මුදාගැනීමේ සහන මෙහෙයුම් පිළිබඳව සොයා බැලුවා. පාලම කඩා වැටුණු ස්ථානය නිරීක්ෂණයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුවාල ලැබූවන්ගේ තත්වය සොයා බැලීම සඳහා මෝබි නගරයේ මහජන රෝහලේ ද චාරිකාවක නිරත වුණා.

    ඉන්දියා‍වේ බටහිර ගුජරාට් පදිකයින් සඳහා වෙන්කර තිබූ එල්ලෙන පාලම කඩාවැටීමෙන් 141 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සිව් දෙනෙකු පාලමේ කළමනාකරණ කටයුතු මෙහෙයවූ සමාගමේ සේවකයින් බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.  

    Latest News