වැරදිකරුවන්ට හොංකොං රජය ගෙනආ නීතිවලට විරෝධයක්

අප්‍රේ 29, 2019

    වැරදිකරුවන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් හොංකොං රාජ්‍ය ගෙනආ නව නීති සම්බන්ධයෙන් බොහෝ පිරිසක් විරෝධය පළ කරයි.

    නව නීති අනූව සැකකරුවන් නඩු විභාග සඳහා චීනයට යැවීම ඊට හේතුවයි. බලධාරීන් පවසන්නේ ලබන ජුලි මාසයට පෙර මෙම නීති වෙනස් කරන බවයි. විරෝධතා සඳහා විසි දෙදහසක පමණ පිරිසක් පැමිණ සිටි බව පොලීසිය පවසයි.

    නමුත්, ඒ සඳහා එක්ලක්ෂ තිස් දහසක පමණ පිරිසක් සහභාගී වූ බවයි, විරෝධතාව සංවිධාන කළ පිරිස් පවසන්නේ. 2014 වසරෙන් පසුව, හොංකොංහි පැවැති විශාලතම විරෝධතාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 09:56

    Latest News