ISIS නායක අල් බැග්ඩෑඩිගෙන් මෙරට ප්‍රහාරය ගැන වීඩියෝවක්

අප්‍රේ 30, 2019

    අයිඑස් ත්‍රස්තවාදී නායක අබුබකර් අල් බැග්ඩෑඩි ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර ගැන ප්‍රසංශාව පළකර තිබේ.

    ඔහු මේ බව සඳහන් කළේ වසර 5කට පසු මුල්වරට නිකුත් කළ ප්‍රචාරක වීඩියෝ පටයක් මගින්. අල් බැග්ඩෑඩි අලුත් වීඩියෝ පටය මගින් සාකච්ජා කර ඇත්තේ, අයිඑස් ත්‍රස්තවාදය බිඳවැටීම පිළිබඳවයි. ජිහාඩ් යුද්ධයක් දියත් කිරීමට අල්ලා දෙවියන් තමන්ට අණකර ඇතත්, එය ජයග්‍රහණය කළ යුතුයැයි අණකර නැති බව ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාව ගැන අල් බැග්ඩෑඩ් සඳහන් කරන්නේ වීඩියෝ පටයට එකතු කළ හඩ පටයක් මගින්.

    ඒ අනූව, පැහැදිලි වන්නේ වීඩියෝව පටිගතකර ඇත්තේ, ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට පෙරාතුව යැයි, ආරක්ෂක විශේෂඥයන් සඳහන් කරයි. හඩ පටය ඊට පසුව එකතු කළ කොටසක් ලෙසයි සැලකෙන්නේ. අබුබකර් අල් බැග්ඩෑඩි අවසන් වරට වීඩියෝවක පෙනී සිටියේ 2014 වසරේදී. ඒ සිරියාවේ හා ඉරාකයේ විශාල කොටසක අයිඑස් කල්ලිය කාලීෆ් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 08:41

    Latest News