ඉන්දුනීසියා ඉතිහාසයේ විශාලතම මැතිවරණය අද

අප්‍රේ 17, 2019

    ඉන්දුනීසියාව එරට ඉතිහාසයේ විශාලම මැතිවරණය අද ආරම්භ කරයි.

    ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය හා අනෙකුත් පළාත් පාලන ආයතනවල මැතිවරණ සියල්ල එකවර පැවැත්වීම විශේෂත්වයයි. ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති ජොකෝ විඩෝඩෝට අභියෝගයක් වෙමින් ප්‍රතිවාදියා ලෙස තරග වදින්නේ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන ප්‍රබෝවෝ සුඛියන්තෝයි. ජොකෝ විඩෝඩෝ තවත් පස් වසරක ධුර කාලයක් අපේක්ෂාවෙන් මෙවර මැතිවරණය ඉදිරිපත්ව සිටියි. මැතිවරණය සඳහා මිලියන 193කට අධික ජනගහණයක් සුදුසුකම් ලබා සිටින අතර, දෙලක්ෂ හතළිස්පන් දහසකට අධික අපේක්ෂකයින් සංඛ්‍යාවක් විසි දහසකට ආසන්න පාර්ලිමේන්තු සහ අනෙකුත් පළාත් පාලන ආයතනවල ආසන සඳහා තරග කරනු ලබයි.

    ඡන්දය ප්‍රකාශ කිරීමට අට ලක්ෂයක ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් රටපුරා ස්ථාපනය කර තිබේ. ලොව විශාලම මුස්ලිම් ජනගහණයක් වෙසෙන රට ලෙස ඉන්දුනීසියාව සැලකෙන අතර, දූපත් රාශියකින් සමන්විතයි. මැතිවරණ කොමිසම අවසන් ඡන්ද ප්‍රතිඵල එළැඹෙන මැයි මස ප්‍රකාශයට පත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 08:44

    Latest News