ව්‍යවස්ථා සංශෝධනයෙන් අල් සිසීට තවත් 6ක්

අප්‍රේ 17, 2019

    ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆාටා අල් සිසීට තවදුරටත් වසර 2030 දක්වා බලයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවෙයි.

    ඒ එරට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීම නිසායි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ෆාටා අල් සිසීට තවත් වසර 6ක ධුර කාලයක් හිමිවනු ඇති. ඔහු දෙවැනි වරට හිමිකරගත් වසර 4ක ධුර කාලය නිමාවීමට තිබුණේ වසර 2022දී. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ඊජිප්තු ජනාධිපතිවරයාට එරට අධිකරණය අභිබවා යමින් බලය හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එසේම දේශපාලනය තුළ තවදුරටත් යුදමය භූමිකාවක් ඇති කිරීමට ද මෙමගින් ඔහුට හැකිවෙයි. ඊජිප්තුවේ ප්‍රථමවරට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලයට පත් ජනාධිපතිවරයා වන මොහොමඩ් මෝර්සිට එරෙහි විරෝධතා ගෙන යමින් වසර 2013 දී ෆාටා අල් සිසී ඊජිප්තුව තුළ යුදමය වාතාවරණයක් ඇති කළේය. කෙසේ වෙතත් ජනාධිපතිවරයාටා හිමිවන මෙම නව බලතල හේතුවේන ඊජිප්තුවේ වෙනස්කම් රාශියක් සිදුවනු ඇතැයි, දේශපාලන විචාරකයින් පවසයි.

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 10:16

    Latest News