ගෝලීය සරම්ප රෝගීන් තුන් ගුණයකින් ඉහළයයි

අප්‍රේ 16, 2019
    ඉකුත් මාස තුනක කාලයේ දී ගෝලීය සරම්ප රෝගීන්ගේ සංඛයාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. 
    අප්‍රිකාවේ එම සංඛ්‍යාව සියයට 700ක ගුණයකින් ඉහළ ගොස් ඇත.  එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන නේවා දේනනේ ලෝකයේ සියලු කලාපයන්ගේ සරම්ප රෝගය සිග්‍ර ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බවය. මෙයින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ යුක්‍රේනය, මැඩගස්කරය සහ ඉන්දියාව යන රටවල් ය. 
    ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා මැඩගස්කරයේ පුද්ගලයින් 800දෙනෙකු මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.  බ්‍රසීලය, පකිස්ථානය හා යේමනයේ ද කුඩා ළමුන් ඇතුළු මරණ රැසක් වාර්තා වී ඇත. 
    මොළයේ සහ පෙනහළුවල ආසාදන හට ගනිමින් දරුණු සංකූලතා ඇතිවන ඉහළ ආසාධිත රෝගයක් ලෙස සරම්ප සැලකේ. ඒ සදහා නිවැරදි එන්නත් ලබාගැනීම රෝගය වළක්වා ගැනීමට වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනු ලැබේ.
    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 12:01

    Latest News