අමෙරිකාවේ මධ්‍යවාර ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි

නොවැ 09, 2022

    අමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍ය වාර මැතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිනවා. මේ වන විට එරට සෙනෙට් සභාවට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ නියෝජිතයින් 38 දෙනා බැගින් පත් වී තිබෙනවා. 

    සෙනෙට් සභාවේ ඇති ආසන 100 න් බහුතර ආසන සංඛ්‍යාවක් හිමි කර ගන්නා පක්ෂයට එම සභාවේ බලය හිමි වනවා. එයට ඩිමොක්‍රටික්‍ හෝ රිපබ්ලිකන් පක්ෂය විසින් අවම වශයෙන් ආසන 51 ක් එම සභාවෙන් හිමි කර ගත යුතුයි. විදෙස් මාධ්‍ය පවසන්නේ, සෙනෙට් සභාවේ බලය හිමි කර ගැනීමට එම පක්ෂ දෙක අතර තියුණු සටනක් පවතින බවයි.

    මේ අතර, එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තෝරා පත් කර ගැනෙන ඡන්ද ප්‍රතිඵලය ද මේ වන විට නිකුත් වෙමින් පවතිනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඇති ආසන 435 න් බහුතර නියෝජිත පිරිසක් පත් වන පක්ෂයටයි, එහි බලය හිමි වන්නේ. නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව, රිපබ්ලිකන් පක්ෂයට නියෝජිතයින් 86 දෙනෙකු සහ ඩිමොක්‍රටික් පක්ෂයට නියෝජිතයින් 36 දෙනෙකු පත් වී සිටිනවා.                                                                              

    මේ වන විට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් පත්වෙමින් තිබෙනවා. නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව රිපබ්ලිකන් පක්ෂයෙන් ආණ්ඩුකාරවරු 14 දෙනෙකු සහ ඩිමොක්‍රටික් පක්ෂයෙන් ආණ්ඩුකාරවරු 9 දෙනෙකු පත් වී තිබෙනවා.

    නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල මගින් සෙනෙට් සභාවේ හෝ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය කුමන පක්ෂයකට හිමිවේදැයි කිව නොහැකි බවයි, විදෙස් විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ.

    Latest News