ඡන්දයක් එනකල් වැඩට යන්න

මැයි 03, 2023

    2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට යළි සේවයට වාර්තා කිරීමට හැකි වන පරිදි සහන සලසා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

    ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹුණා.

    ඒ අනුව, අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ඇති ඡන්ද කොට්ඨාසය තුළ පිහිටි රාජ්‍ය, හෝ අර්ධ රාජ්‍ය ආයතනයක රැකියාවක නිරත වී සිටින්නේ නම්, එම තැනැත්තා, ඡන්ද කොට්ඨාසයෙන් පිටතට ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීමට ඉඩ සලසා දීමට නියමිතයි.

    එය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවක්.

    Latest News