11කගේ ජීවිත අහිමි කළ බෝට්ටු අනතුර

ජූනි 18, 2024
    සරණාගතයින් ගමන් ගත් බෝට්ටු දෙකක් ඉතාලියේ දකුණුදිග වෙරළ තීරයට ආසන්නයේදී අනතුරට ලක් වීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    60 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි, වාර්තා වන්නේ.
    ඉතාලියේ ලැම්පෙඩූසා දූපත ආසන්නයේදී එක් බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. ගිලෙමින් තිබූ එම ලී බෝට්ටුවෙන් 51 දෙනෙකු බේරා ගැනුණා.
    එහි සිරවී තිබූ මළ සිරුරු 10 ක් සොයා ගැනීමට හැකි වූ බවයි, ගලවා ගැනීමේ සහන ආයතනයක් වන රෙස්ක් ෂිප් ආයතනය පවසන්නේ. මේ අතර, තවත් බෝට්ටු අනතුරකින් 60 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට, අනුමාන කෙරෙනවා.
    අනතුරින් දිවි ගලවා ගත් සංක්රදමණිකයින් ඉතාලි වෙරළාරක්ෂක බලකායට බාර දෙනු ලැබුවා.
    අනතුරට පත් බෝට්ටුවල සුන්බුන්, ඉතාලියේ දකුණුදිග කැලබ්රිතයා වෙරළට සැතපුම් 125 ක් පමණ දුරින් දක්නට ලැබුණු බව, වාර්තා වනවා.
     

    Latest News