ග්‍රීසිය අසළ මුහුදේ බෝට්ටුවක් අනතුරකට ලක් වීමෙන් 14 ක් මරුට

නොවැ 03, 2022

    සරණාගතයින් රැගත් ‍බෝට්ටුවක් ග්‍රීසියේ "එවියා" දූපත අසල වූ මුහුදේ අනතුරකට ලක් වීමෙන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ග්‍රීසි බලධාරීන් පවසන්නේ, සරණාගතයින් පැමිණි බෝට්ටු දෙකක් ඉකුත් සඳුදා අනතුරකට ලක්ව ඇති බවයි. වෙරළාරක්‍ෂක බළකාය අනතුරට ලක් වූ ස්ථානයට පැමිණෙන විටත් බෝට්ටු දෙකකම ගිලී ගොස් තිබූ අතර, කිහිප දෙනෙකු මුදා ගෙන තිබෙනවා. එම පුද්ගලයින් බලධාරීන්ට පවසා ඇත්තේ, ඔවුන් තුර්කියේ සිට පැමිණි බවයි. දේශපාලන අස්ථාවරභව සහ සිවිල් යුද්ධ පවතින මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල්වලින් සරණාගතයින් විශාල පිරිසක් මුහුදු මාර්ගය ඔස්සේ ඉතා අනාරක්‍ෂිතව යුරෝපා රටවලට පැමිණෙනවා. එවැනි සරණාගතයින් රැගත් බෝට්ටු අනතුරුවලට ලක් වීමේ සිද්ධි රැසක් පසුගිය කාලයේ දී වාර්තා වුණා. ග්‍රීක බලාධාරීන් පවසන්නේ මේ වසරේ ගත වූ මාස 8 දී පමණක් එසේ අනතුරට ලක් වූ සරණාගතයින් 1,500ක් පමණ බේරා ගත් බවයි.

    Latest News