නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 76ක් මරුට

ඔක් 10, 2022

    නයිජීරියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් 76 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. මෙම පිරිස ගංවතුරෙන් බේරීම සඳහා පළා යමින් සිටි බවයි, වාර්තා වන්නේ.

    අනතුර සිදු වන අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 80 ක් පමණ සිට ඇති බවයි, වාර්තා වන්නේ. මියගිය බහුතරය කාන්තාවන් සහ දරුවන්. ගිනිකොණදිග නයිජීරියාවේ ගම්මානයක වැසියන් වන ඔවුන් තම ගම්බිම් ජලයෙන් යටවීමෙන් අනතුරුව, ආරක්ෂිත ප්‍රදේශ කරා ගමන් කරමින් සිටියා.

    එම අනතුරින් පසුව එරට ජලාශ්‍රිත ප්‍රවාහන ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂණයක් සිදු කරන ලෙස නයිජීරියානු ජනාධිපති මො‍හම්මදු උහාරි, බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

    Last modified on සදුදා, 10 ඔක්තෝබර් 2022 12:29

    Latest News