වර්ජනය මැද පැවති වෙනිසියුලානු ඡන්දය

දෙසැ 07, 2020

    වෙනිසියුලාවේ නව කොංග්‍රසය තෝරා පත් කර ගැනීම සඳහා වූ ඡන්දය ඊයේ පවත්වනු ලැබීය.

    මෙම ඡන්දයේ දී අන්තවාදීව ක්‍රියා නොකරන්නැයි, අනෙකුත් දේශපාලන විරුද්ධවාදීන්ගෙන් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඉල්ලා සිටියි. විරුද්ධ පක්ෂ බහුතරයක් ඊයේ පැවති මැතිවරණය වර්ජනය කර තිබිණ.

    මෙය බටහිර රටවල අවධානයට ලක්ව ඇති අතර මෙම මැතිවරණය නම්කර ඇත්තේ, ජනාධිපති මදුරෝගේ වංචා සහගත සැලැස්මක් ලෙසින්. මේ වන විට වෙනිසියුලාව ආර්ථික වශයෙන් මන්දගාමී තත්වයක පසුවෙයි.

    අමෙරිකාව විසින් පනවන ලද සම්බාධක මීට ප්‍රධාන හේතුවයි. තෙල් අපනයන සීමා කිරීම හා අමෙරිකානු ව්‍යාපාරිකයන්ට වෙනිසියුලාව තුළ අයෝජන තහනම් කිරීම වැනි මෙම සම්බාධක බයිඩන් පරිපාලනය විසින් ඉදිරියේ දී ඉවත් කරනු ඇතැයි, තමා බ‍ලාපොරොත්තු වන බව, මදුරෝ ඊයේ ප්‍රකාශ කර සිටියි.

    නමුත්, බයිඩන් සහයකයින් පවසා ඇත්තේ, මදුරෝ සම්බන්ධයෙන් වොෂිංටනයේ ක්‍රියාකලාපය වෙනස් කිරීමට අදහස් නොකරන බවයි.

    Last modified on සදුදා, 07 දෙසැම්බර් 2020 11:18

    Latest News