යුක්‍රේන් ජනාධිපතිවරණයේ විකට නළුවෙක් ඉදිරියෙන්

අප්‍රේ 01, 2019

    ඊයේ පැවති යුක්‍රේන ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ නිරීක්ෂණවලට අනූව විකට නළුවෙකු වන වොලොඩිමීර් සෙලෙන්ස්කි ඉදිරියෙන් සිටින බවට වාර්තා පළවෙයි.

    මැතිවරණයේ ඔහු 30.4%ක ප්‍රතිශතයක් ලබාඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ වත්මන් ජනාධිපති, පෙට්රෝ පොරොෂෙන්කෝ. ඔහු ලබා ඇත්තේ 17.8%ක ඡන්ද ප්‍රමාණයක් පමණක් බවයි, පශ්චාත් මැතිවරණ නිරීක්ෂණ පෙන්වා දෙන්නේ.

    මේ අනූව, මැතිවරණයේ දෙවැනි වටය, ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා අතර ලබන අප්‍රේල් 21 වැනිදා පැවැත්වෙනු ඇති.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 08:34

    Latest News