ඈන් කුමරිය දළදා මාළිගාව වැඳපුදා ගනී

ජන 12, 2024
    ඈන් කුමරිය ඊයේ (11) ශ්රී දළදා මාලිගාවේ දී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තා.

    වැඩබලන දියවඩන නිලමේ මහින්ද දෑල මහතා පිච්ච මල් වට්ටියක් ලබා දෙමින් ඈන් කුමරිය පිළිගත් අතර මෙම වර්ෂයේ දී රාජකීය අමුත්තෙකු ශ්රී දළදා මාලිගාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    මෙම අවස්ථාව සඳහා මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා, සෞඛ්ය රාජ්ය අමාත්ය විශේෂඥ වෛද්ය සීතා අරඹේපොල මහත්මිය ඇතුලු පිරිසක් එක්වුණා.

    Latest News