100කට මරු කැඳවමින් චීනය සෙළවෙයි

දෙසැ 19, 2023
    චීනයේ සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 220 දෙනෙක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    බලධාරින් පවසන්නේ, මිය ගිය සහ තුවාල ලැබූ පිරිස් තවත් ඉහළ යා හැකි බවයි. භූමිකම්පාව ඇති වුණේ, වයඹ දිග චීනයේ " ගන්සු" පළාතේ.

    ඊයේ රාත්රී 12.00 ට පමණ ඇති වූ මෙම භූමිකම්පාවේ ප්රබලත්වය රික්ටර් පරිමාණ ඒකක 6 යි දශම දෙකක් බවයි, විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
     
    අධික සීතල සහ ඉතා උස් ප්රදේශයක මෙම භූමිකම්පාව ඇති වූ හෙයින් සහන සේවකයින්ට පුද්ගලයින් බේරා ගැනීමේ දී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇති බවයි, වාර්තා වන්නේ.
     
    බලධාරින් පවසන්නේ, අද උදෑසන කාලයේ දී ඊට යාබද ෂිංජියෑන් පළාතේ ද ඒකක 5 යි දශම 5 ප්රබලත්වයකින් යුත් තවත් භූමිකම්පාවක් ඇති වී ඇති බවයි.
    ඉන් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ.
     
    ආපදාවට ලක් වූ ප්රදේශවල උපරිම ශක්තිය යොදා සහන සේවා කටයුතු සලසන ලෙස චීන ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
     
    පළමු භූමිකම්පාව ඇති වූ ගන්සු පළාත චීනයේ වඩාත්ම දුප්පත්ම ප්රදේශය වනවා.

    Latest News