ලෙබන‍නයේ දෙපිරිසක් අතර ගැටුමක්

සැප් 12, 2023

    ලෙබන‍නයේ පලස්තීන සරණාගත කඳවුරක දෙපිරිසක් අතර ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා. දින 5 ක් පුරා පැවති ගැටුම් හේතුවෙන් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    ඉකුත් බහස්පතින්දා ගැටුම් ආරම්භ වුණා. සිදොන් නගරය ආසන්නයේ පිහිටි "අයින් එල් හිල්වේ" ලෙබනනයේ විශාලතම පලස්තීන සරණාගත කඳවුර වනවා.

    ජනාධිපති ‍මහමුත් අබ්බාස්ගේ ෆාටා ව්‍යාපාරය‍ සහ ඉස්ලාමීය කණ්ඩායම් අතර ගැටුම් නැවත ආරම්භ වීමත් සමග පවුල් සිය ගණනක් කඳවුරෙන් පලා යමින් සිටිනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මෙම කඳවුරේ ලියාපදිංචි පලස්තීන සරණාගතයින් 55,000 ක් පමණ රැකවරණය ලබා සිටින අතර, අසල්වැසි සිරියාවේ සිවිල් යුද්ධය නිසා පලා ආ පලස්තීනුවන් ද දහස් ගණනක් එහි වාසය කරන බවයි.

    කඳවුර තුළ සිටින පලස්තීන කණ්ඩායම් තම ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා හමුදා පාර්ශ්වයන් අතර ඇති කර ගන්නා ගැටුම් උත්සන් වෙමින් පවතිනවා.

    ඉකුත් ජූලි මස දින 5ක පුරා පැවති ගැටුම් හේතුවෙන් 13 දෙනෙකු මිය ගියා. ෆාටා හමුදා නායකයෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් සිව් දෙනෙකු මරා දැමීමත් සමග ගැටුම් නැවත උත්සන්න වුණා.

    ඉකුත් අ‍ගෝස්තු 3 වැනිදා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ අතර එහිදී ගැටුම් හේතුවෙන් 7 දෙනෙකු මිය ගිය අතර, 60 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

    Latest News