තනතුරෙන් එළියට දැමූ ඇමතිවරිය

අගෝ 28, 2023

    ලිබියාවේ අගමැති විදේශ ඇමතිවරිය සිය දුරයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා සමග නිල නොලත් හමුවීමේ චෝදනාව මතයි ඇයව සිය දුරයෙන් නෙරපා ඇත්තේ.

    ලිබියාව, ඊශ්‍රායල රාජ්‍යක් හැටියට පිළිගන්නේ නැහැ. ලිබියාව සහය දක්වන්නේ පලස්තීනයටයි. එවැනි තත්වයක් තිබියදී ලිබියානු විදේශ අමාත්‍යවරිය වන නජ්ලා අල් මැන්ගූෂ් මහත්මිය ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා වන එලි කොහෙන් මහතා සමග නිල නොවන හමුවීමක් සිදු කර තිබෙනවා. ලිබියානු විදේශ අමාත්‍යවරිය පැවසුවේ එම හමුවීම ඉතාමත් ඓතිහාසික සිදුවීමක් බවයි. වර්තමානයේදී ඊශ්‍රායලය තෙල්වලින් පොහොසත් ලිබියාව වැනි අරාබි සහ මුස්ලිම් බහුතර රටවල් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා.කෙසේ වෙතත් ලිබියාවේ ජනාධිපති කවුන්සිලය පවසා ඇත්තේ ඊශ්‍රායලය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම නීති විරෝධී බවයි. ලිබියානු පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය විසින් එරට විදේශ අමාත්‍යවරිය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් මෙමගින් සිදුකර ඇති බවට චෝදනා කර සිටිනවා. එරට අගමැති අබ්දුල් හමීඩ් විසින් ඇයව විමර්ශනය සඳහා යොමු කර තිබෙනවා.

    Latest News