යුක්රේනයට අහිමි වූ ගුවන් වීරයා

අගෝ 27, 2023

    යුක්‍රේනයේ කීර්තිමත් ප්‍රහාරක ගුවන් නියමුවෙකු සහ තවත් ගුවන් භටයන් දෙදෙනෙකු අනපේක්ෂිත ගුවන් අනතුරකින් මිය ගොස් තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳන් කරන්නේ,  ඇන්ඩ්‍රි පිල්ෂ්චිකොව් නැමති ගුවන් නියමුවා  රුසියානු ගුවන් හමුදාවට දැඩි අභියෝගයක් එල්ල කළ අයෙකු බවයි. 

    මෙම ගුවන් භටයින්ගේ මරණ තම රටට විශාල පාඩුවක් ගෙනදුන් අතිශය කණගාටුදායක මරණ බව යුක්‍රේන බලධාරීන් පවසනවා.  

    යුක්‍රේන හමුදාව ඇන්ඩ්‍රි පිල්ෂ්චිකොව් ගුවන් නියමුවාට "දැනුම සහ  දක්ෂතා" පිරි කීර්තිමත් ගුවන් නියමුවෙකු ලෙස උපහාර දැක්වූ බවයි වාර්තා වන්නේ. 

    ඇන්ඩ්‍රි පිල්ෂ්චිකොව් සහ තවත් ගුවන් භටයන් දෙදෙනෙකු මියගොස් ඇත්තේ,  උතුරු යුක්‍රේනයට ඉහළින් පියාසර කරමින් තිබූ L-39 පුහුණු ගුවන් යානා දෙකක් අනතුරට ලක්වීමෙන්.  ගුවන් යානා කඩා වැටීමට හේතුව සම්බන්ධයෙන් විශේෂ  විමර්ශනයක් ක්‍රියාත්මකයි. 

    යුක්‍රේනයේ ගුවන් ආරක්ෂා කළ කිසිවෙකු තම රට වැසියන් කිසිදා අමතක නොකරනු ඇති බව  ජනාධිපති වොලොදීමීර් සෙලෙන්ස්කි  පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.   

    Latest News