ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින්ගේ මළගම

අගෝ 25, 2023

    පෙන්ගුයින් පක්ෂීන්ගේ අධිරාජ්‍ය ලෙස සැලකෙන ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් පැටවුන් දස දහසක් පමණ මිය ගොස් ඇති බව, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ වාර්තාවක් පවසනවා.

    එමගින් පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාස හමුවේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම ඊට ප්‍රධාන හේතුව බවයි.

    මුහුදු අයිස් යනු පෙන්ගුයින් පක්ෂීන්ගේ අභිජනන ක්‍රියාවලිය සඳහා ඉවහල්වන ප්‍රධාන සාධකයයි.

    සාගර පිහිනීමට අත්යේවශ්යස ජල ආරක්ෂිත පිහාටු වර්ධනය වීමට පෙර පෙන්ගුයින් පැටවුන් ඇන්ටාක්ටිකාවේ දියවෙමින් පවතින සහ බිඳී ගිය අයිස් තට්ටු යටින් පිහිනා යෑමේ දී බොහෝ විට දියේ ගිලී මිය යන අවස්ථාවන් නිරීක්ෂණය කිරීමට හැකි වූ බව, බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ වාර්තාව පවසනවා.

    ඉකුත් වසරේ අග භාගයේ දී ඇන්ටාක්ටිකා මහද්වීපයේ බටහිර කලාපය ආශ්රිනතව මෙවැනි සිදු වීමක් වාර්තා වූ බව ද එහි සඳහන්.

    දේශගුණික විපර්යාස හමුවේ මෙවැනි සිදු වීම් ඉදිරියේදීත් සිදු විය හැකි බවට එම වාර්තාව අනතුරු අගවනවා.

    ගෝලීය උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඇන්ටාක්ටිකා මහද්වීපයේ සෘතුමය මුහුදු අයිස් තට්ටු දියවී යාමෙන් පෙන්ගුයි ජනපදවලින් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම සියවස අවසන් වන විට වඳ වී යනු ඇති බව, එම වාර්තාව පුරෝකතනය කරනවා.

    Latest News