තෙරපීමකින් මැඩගස්කරයේ 12 දෙනෙකු මරුට

අගෝ 26, 2023

    මැඩගස්කරයේ අගනුවර වන "අන්තනානාරිවෝ" හි ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මැඩගස්කරයේ පැවැත්වෙන ඉන්දියානු සාගර දූපත් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය දැකබලා ගැනීමට පැමිණි ප්‍රේක්‍ෂකයින් මෙම අනතුරට මුහුණ දුන්නා. එරට බලධාරීන් පවසන්නේ තුවාල ලැබුවන් 80 දෙනෙකු රෝහල්ගත කළ බවයි.

    උලෙළ ආරම්භ කරන අවස්ථාවේ 41,000 කට ආසන්න ප්‍රේක්‍ෂකයන් පිරිසක් ක්‍රීඩාංගණයට එක්ව ඇති බවයි, වාර්තා වන්නේ. 1977 දී පිහිටුවනලද ඉන්දියානු සාගර දූපත් ක්‍රීඩා උලෙළ, සෑම වසර හතරකට වරක් පැවැත්වෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම ක්‍රීඩාංගණයේ ඇති වූ තෙරපීමෙන් අනතුරු සිදු වුණා.

    Latest News