එක රැයකින් වෙනස් වූ ක්‍රිමියාව

අගෝ 25, 2023

    රුසියාව ඈඳාගත් ක්‍රිමියා අර්ධද්වීපයට, එක රැයකින් සිය හමුදා කණ්ඩයක් ‍ගොඩබැස්වූ බව යුක්‍රේන හමුදාව පවසනවා.

    ඒ, යුක්‍රේනය නිදහස ලබා වසර 32 ක් සපිරුණු ඊයේ දිනයට සමගාමීවයි.

    ක්‍රිමියා අර්ධද්වීපයට හමුදා ගොඩබැස්සවීම විශේෂ හමුදා මෙහෙයුමක් මගින් සිදුකෙරුණු බව, යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

    එහිදී රුසියාන - යුක්‍රේන හමුදා අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර රුසියානු හමුදාවන්ට දැඩි හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    තම විශේෂ හමුදා සාමාජිකයන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

    ක්‍රිමියා අර්ධද්වීපයේ ස්ථානගත කර සිටි රුසියානු හමුදාව සමග සටන් කිරීමට පෙර විශේෂිත වූ ය්‍රාතා මගින් යුක්‍රේන හමුදා සාමාජිකයන් වෙරළට ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

    යුක්‍රේන සොල්දාදුවන් ජාතික ධජය ඔසවන අයුරු දැක්වෙන කෙටි වීඩියෝ පටයක් බුද්ධි අංශ විසින් පළ කර තිබෙනවා.

     

     

    Latest News